ආචාර්ය චරිත් වෑගොඩපොල ගිරාගම

උගත් බව බුධිමත් බව යන සාධක දෙකේ සහසම්බන්ධතාවය පවතින්නේ නිහතමානිකම යන සාධකය මතය. කන්ද උඩරට ප්‍රභූ පරපුරකට උරුමකම් කියන ආචාර්ය චරිත් වෑගොඩපොල ගිරාගම යනු එබඳු වු චරිතයකි.

චරිත් වෑගොඩපොල ගිරාගම ගේ පියාණන් වන්නේ රජයේ හා බලයලත් මිනින්දෝරුවෙක් ලෙස මාතලේ ප්‍රදේශයට කීර්තිමත් සේවයක් කළ, මාතලේ පලාපත්වෙල උඩුගම, ගිරාගම වලව්වේ, ජෝර්ජ් වේරගම ගිරාගම මහතාය. පියා ගේ පාර්ශවය, මහනුවර නගරයේ යටිනුවර වීදීයේ පිහිටි ගිරාගම වලව්වේ විසු, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සුවිශේෂී සහ කීර්තිමත් දියවඩන නිලමේ වරයෙකු වූ කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාගේ පරපුරෙන් ඉඳුරාම පැවත එන්නන්ය.

චරිත් වෑගොඩපොල ගිරාගම ගේ මව වන්නේ මාතලේ උකුවෙල රත්වත්තේ, රත්වත්තේ වලව්වේ, චිත්‍රාංගලී නිරංජලි වෑගොඩපොල මහත්මියයි. මව ගේ පාර්ශවය ලංකාවේ අවසන් ආණ්ඩුකාරවරයා සහ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම විධායක නොවන ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මැතිතුමා ගේ අධි සහයක ලෙස ද රාජකාරි කළ, එතුමා ගේ සමීප ඥාතියෙක් වු ලුතිනන් කර්නල් (විශ්‍රාමික)  ස්ටැන්ලි ලේනාඩ් වෑගොඩපොල මහතා ගේ පරපුරෙන් ඉඳුරාම පැවත එන්නන්ය.

චරිත් වෑගොඩපොල ගිරාගම විවාහ වී සිටින්නේ මාතලේ ගලේවෙල ප්‍රදේශයේ වනසිංහ පරපුරේ වනසිංහ මුදියන්සේලාගේ දිෂ්නා රුවනී වනසිංහ සමග වන අතර ඇය කොළඹ අනුලා විද්‍යාලයෙන් සිප් සතර හදාරා පසු ව කොළඹ විශ්ව විද්‍යාලයේ (University of Colombo) ගණිත අංශයෙන් ප්‍රථම උපාධිය (Bachelor of Science with a focus on Mathematics) සමත්ව ජපානයේ අයිසු විශ්ව විද්‍යාලයෙන් (The University of Aizu) පශ්චාත් උපාධිය (MSc in Computer Science and Engineering) සමත්ව පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවක් කරයි. චරිත් වෑගොඩපොල ගිරාගම පාසල් වයසේ පසු වන පිරිමි දරුවන් තිදෙනෙකුගේ පියෙකි

දැක්ම

“අභිමානවත් වෘත්තිකයෙක් ලෙස ජීවිතය ජය ගැනිම සඳහා වෘත්තීය දැනුම ඇති, උතුම් ගුණධර්මවලින් සපිරි ජන හිතකාමී සමාජයක් ගොඩනැගීම”

මෙහෙවර

“නවීණ තාක්ෂණ දියුණුව සමග වේගයෙන් වෙනස්වන ලෝකයේ නව පරපුරට අවශ්‍ය නව වෘත්තීය දැනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සහ නව වෘත්තීය දැනුම ලබාදිම”

අරමුණු සාක්ෂාත් කර ගැනීම

ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සදහ නව තාක්ෂණය භාවිතා කරමින් Smart ගම්මාන (Smart Village) සංකල්පයට අනුව ග්‍රාමීය ගම්මාන සංවර්ධනය කිරීම

ග්‍රාමීය ප්‍රදේශවලට, ග්‍රාමීය පාසල්වලට නව තාක්ෂණය ගෙන ඒම සහ පවතින පහසුකම්වල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම
මධ්‍යම පළාතට අඩුවක් පවතින තොරතුරු තාක්ෂණය පීඨයක් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට ආසන්නව පිහිටුවීම
මහනුවර නගරය කේන්ද්‍රීය ස්ථානය ලෙස සලකමින් තොරතුරු තාක්ෂණ නගරයක් (Computer City / IT City) ස්ථාපිත කිරීම

කෘෂිකර්ම තාක්ෂණය (Agriculture Technology) මූලික කර ගත් විශ්ව විද්‍යාලයක් හෝ උසස් අධ්‍යාපන ආයතනයක් මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටුවීම (උදාහරණයක්: මාතලේ විශ්ව විද්‍යාලය, කෘෂිකර්ම තාක්ෂණ පීඨය – University of Matale, Faculty of Agriculture Technology)

විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් හෝ ප්‍රවාහන සහන ලබා දීම සහ නව තාක්‍ෂණයන් භාවිතයෙන් ගමනාන්තයන් වෙත ඉක්මනින් සහ සුවපහසු ලෙස ළඟා වීමට විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම
රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සහ පවතින වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ගුණාත්මක බව වැඩි දියුණු කිරීම, කෘෂිකර්ම තාක්ෂණයට සහ සංචාරක තාක්ෂණයට වැඩි අවධානයක් යොමු කිරීම
සංචාරකයින්ගේ පැමිණීම සහ සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල සංචාරක ආකර්ෂණ ස්ථාන සහ සුන්දර නැරඹුම් ස්ථාන සදහ වැඩි ප්‍රචාරයක් ලබා දීම සහ ආකර්ෂණය වැඩි දියුණු කිරීම
ගෙවතු වගාව දිරිමත් කිරිම, වගා නොකළ ඉඩම්, කුඹුරු වගා කිරීමට උනන්දු කිරිම සහ වගා නොකළ ඉඩම්, කුඹුරු වගා කළ හැකි ජනතාව අතර බෙදා දීමට පියවර ගැනිම
“සැමට ඉඩමක් සැමට නිවසක්” සංකල්පය අනුව ඉඩමක්, නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා ඉඩමක් ලබාදීමට සහ නිවසක් ඉදිකර දීමට අවශ්‍ය පියවර ගැනීම
“සැමට විශ්‍රාම වැටුපක්, රටට පවුලට බරක් නොවන විශ්‍රාමිකයෙක්” සංකල්පය අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ වහාම විශ්‍රාම වැටුප් ක්‍රමයක ලියාපදිංචි කරන ලෙස පුරවැසියන් දිරිමත් කිරීම සහ විශ්‍රාම වැටුප් ක්‍රමයක ලියාපදිංචිය සහ දායක විම අනිවාර්ය කිරීම
ගොවී විශ්‍රාම වැටුප් ඇතුළුව සෑම විශ්‍රාම වැටුප් ක්‍රම ජීවන වියදම මත සංශෝදනය කිරීමට පියවර ගැනිම

“අල්ලස හා දූෂණයෙන් තොර සෞභායාගමත් ශ්‍රී ලංකාවක්” සංකල්පය අනුව, මත්ද්‍රව්‍ය විකිණීම හා ඇබ්බැහි වීම, අල්ලස හා දූෂණය, ස්ත්‍රී දූෂණ සහ ඒ ආශ්‍රිත නීති රීති පාසල් මට්ටමින් අධ්‍යාපනය ලබා දීම සහ දැනුවත් කිරීමේ සැසි සැලසුම් කිරීම

පාසල් ළමුන් විසින් භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකථන සඳහා නීති රීති හඳුන්වා දීම, සහ පාසල් දරුවන්ගේ සංවර්ධනයට ස්මාර්ට්ෆෝන් භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ සැසි සැලසුම් කිරීම

කන්ද උඩරට අභිමානය  සහ උරුමය සුරැකීම

උතුම් ගුණධර්මවලින් සපිරි ආධ්‍යාත්මික ජන හිතකාමී සමාජයක් නිර්මාණය කිරීමට දායක විම

ස්වේච්ඡා සේවා

hearttoheart.lk හි ආරම්භක සාමාජික

අඩු වරප්‍රසාද ලත් සහ අවශ්‍යතා ඇති පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම මෙම සේවාවේ අරමුණයි.

"ලෝකය වෙනස් කිරීමට ඔබට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයයි"
- නෙල්සන් මැන්ඩෙලා

banapoth.lk හි ආරම්භක සාමාජික

අවශ්‍ය පුද්ගලයින්ට සහ බෞද්ධ උත්සව සඳහා බණ පොත් නොමිලේ බෙදා දීම මෙම සේවාවේ අරමුණයි.

''සබ්බ දානං ධම්ම දානං ජිනාති"
සියලු දානයන් අතුරෙන් ධර්ම දානය උතුම්වේ.

අමතන්න

    “පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව එකතුවී රට හදමු, එකතුවී ගම හදමු, එකතුවී අනාගතය ගොඩනගමු”

    මාගේ දර්ශනය

    “සම්ප්‍රදායික දේශපාලනයකු නොවී පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව අවංකව ජනතාවට සේවය කිරිම මාගේ දර්ශනය වන අතර, මාගේ දර්ශනය තුල දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන ජනතා සිතුවිලි සම්පූර්ණයෙන්ම තුරන් වී යනු ඇතයි මම විශ්වාස කරමි”

    සමාජ මාධ්‍ය

    © 2024, චරිත් ගිරාගම. සියලු හිමිකම් ඇවිරිණි.

    “පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව එකතුවී රට හදමු, එකතුවී ගම හදමු, එකතුවී අනාගතය ගොඩනගමු”

    මාගේ දර්ශනය

    “සම්ප්‍රදායික දේශපාලනයකු නොවී පක්ෂ පාට ජාති ආගම් කුල භේදයකින් තොරව අවංකව ජනතාවට සේවය කිරිම මාගේ දර්ශනය වන අතර, මාගේ දර්ශනය තුල දේශපාලකයින් ප්‍රතික්ෂේප කරන ජනතා සිතුවිලි සම්පූර්ණයෙන්ම තුරන් වී යනු ඇතයි මම විශ්වාස කරමි”

    සමාජ මාධ්‍ය

    © 2024, චරිත් ගිරාගම. සියලු හිමිකම් ඇවිරිණි.